Colombo Today Local News

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ලේකම් “පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ්” ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක.

නුවරඑළිය ගිනිගත්වෙන පොල්පිටිය පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපලක් වන අතර අදාල ව්‍යාපෘතිය සිදු කරනු ලබන ඉදිකිරීම් සමාගම විසින් එම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා වාහන මෙරටට ආනයනය කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙහි සභාපති රංජිත් විතානගේ මහතා අනාවරණය කරයි.

අදාල යන්ත්‍ර සූත්‍ර හා වාහන ආනයනය කිරීමේදී රජය විසින් බදු සහන ලබා දී ඇති බැවින් එම දේපල සදහා බදුගෙවීමකින් තොරව කිසිම හේතුවක් මත ව්‍යාපෘතියෙන් බැහැර කල නොහැකි බව ඔහු සඳහන් කරයි.

එහෙත් අද (20) දිනයේ එම ස්ථානයට පැමිණි රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ලේකම්වරයෙක් ලෙස හදුන්වන අයෙක් හා තවත් පිරිසක් විසින් අදාල ව්‍යාපෘතියේ දේපල බැහැර කිරීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වී ඇති බව එම සංවිධානය පවසයි.

ඔවුන් එම අවස්ථාවේම මේ සම්බන්ධයෙන් පොල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට හා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

අප රට බංකොලොත් වීම පිළිබදව අමත්‍යවරුන් විසින් කරුණු සොයමින් සිටියදී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ හිතවතුන් විසින් රාජ්‍ය දේපල මහ දවල් මංකොල්ල කෑම හාස්‍යයට කරුණක් වන අතර ඒ පිළිබදව වගකිව යුතු අංශ නිහඩව සිටීම ද කණගාටුවට කරුණක් බවත් රට බංකොලොත් වීම පිළිබදව අමාත්‍යවරුන් හරහා පරීක්ෂණ පැවැත්වීමත් හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්ම වන බවද මෙම සිදුවීමෙන් තහවුරු වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

කැකිරාව ප්‍රා.ලේ කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක් – දේපල රැසකට හානි

Admin

පී.සි ට පහරදුන් වැලිඅමුනේ හිටපු ප්‍රා.ස.මන්ත්‍රීට වැඩ වරදී

Admin

අනුර කුමාරට බිත්තර-ගල් ගසා පොලිසියට බාර දුන් දෙදෙනා අතුරුදන්.

colombotoday

කරුණා ගැන ඥානසාර හිමි පැවසු බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රකාශයක් අන්තර්ජාලයේ

colombotoday

හමුදා කදවුරු 64ක් නැගෙනහිරින් ඉවතට !

colombotoday

අපහාස කල චාපා බණ්ඩාරට වැඩ වරදියි. – මිලියන 500 ක් ගෙවන්න වෙන ලකුණු

colombotoday