Colombo Today Local News

ජනපති බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව නිව්යෝර්ක් නුවරදී සිදු විණි.

දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම මෙහිදී රාජ්‍ය නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

පසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව මෙහිදී පැවසූ බංග්ලාදේශ අගමැතිනිය එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව උදාකරගෙන ඇති ආර්ථික ප්‍රගතිය බවත් එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් පෙන්වා දුන්නාය.

පසුගිය අභියෝගාත්මක කාලවකවානුවේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට දැක්වූ නොසැලෙන සහයෝගය පිළිබඳව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය සහ බංග්ලාදේශ ජනතාව වෙත සිය කෘතඥතාව පළ කළේය.

එහිදී බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ අඛණ්ඩ සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා බංග්ලාදේශයේ ත්‍යාගශීලී ගුණය පිළිබඳව සිය බලවත් ප්‍රසාදය පළ කර සිටියේය.

මීට ඉහතදී බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වන ලෙස ආරාධනා ලැබුනද නොවැලැක්විය හැකි හේතුන් මත ඒ සඳහා අවස්ථාව අහිමි වූ බව පැවසූ ජනාධිපතිවරයා මෙම වසර අවසන් වීමට පෙර බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

Related posts

හෙරොයින් ග්‍රෑම් 94ක් සමග තවත් බන්ධනාගාර නියාමකවරයෙක් බොරැල්ලේදී කොටු

colombotoday

මසුන් අල්ලන්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී ජීවිතක්ෂයට

Admin

සජිත් අගමැති කරන්න මංගල වැඩට බහී

colombotoday

ගිනි කන්දක තාච්චියක් තබා සෙසේජස් බැදගෙන කන ජාතියක්

Admin

ජනතාව දිරිමත් කරන්න කථානායක කොවිඩ් එන්නත විද ගනී

colombotoday

FCID නීති විරෝදීයි රජය පිළිගනියි – අහෝසිකිරිම එන සතියේ

colombotoday