Colombo Today Local News

“මාව මරන්න ආපු කොටි ත්‍රස්තවාදීයාටත් සමාව දී නිදහස් කරන්න” – ෆොන්සේකා ජනපතිගෙන් ඉල්ලයි

Fonseka-MAITHREE

තමාව ඝාතනය කිරීම සඳහා බෝම්බය රැගෙන ආ මොරිස් නම් වූ LTTE ත්‍රස්තවාදියා තවමත් බන්ධනාගාරගතව සිටින බවත්, ඔහුව නිදහස් කිරීමට ක්‍රියා කරන ලෙස තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් හිටපු හමුදාපති ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය දා පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව කරමින් ෆොන්සේකා මහතා පැවසූවේ අවසන් යුධ සමයේ සිදුවූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් වූ පරීක්ෂණවලට ජාත්‍යන්තර නිරීක්ෂකයන් සහභාගී කරගත යුතු බවත්, වැරදිකළ හමුදා සාමාජිකයන්ට දඩුවම් දිය යුතු බවත්ය. ‍අවසන් කොටි ත්‍රස්ත නායකයන් පිරිස මරා දැමීමට අදාලවූ සුදු කොඩි සිදුවීම පිළිබදවද පරීක්ෂණයක් පවත්වා ලෝකයාට හෙළි කළ යුතු බවද ඔහු පැවසීය.

Related posts

ආණ්ඩු පෙරළියෙන් පසු කිසිදිනෙක හිටපු ජනාධිපති මාව ආරක්ෂක කවුන්සිලයට කැඳවුයේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

“හිරිකිතයි, ලැජ්ජයි, ද්‍රෝහියෝ වෙනවා” – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සංහිදිය ආණ්ඩුව පට්ටගසයි

colombotoday

සම්බන්ධන්ගේ ෆෙඩරල් ඉල්ලීම අගමැති ප්‍රතික්‍ෂේප කරයි

colombotoday

ඇමති මංගල කාදිනල්තුමාට කල අපහාසය රජයේ මතයද? – මහින්ද විමසයි

colombotoday

අකාර්යක්ෂම නගර සභාව ව්‍යාපාරිකයන් රකිද්දි කුණු ගඳ ගහන මහනුවර ඇල මාර්ග

colombotoday