Colombo Today Local News

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

ඊයේ (18) දහවල් එම මුහුදු තීරයට මළ සිරුර ගොඩගසා ඇති බවට වත්තල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 65ත් 70ත් අතර උස අඩි 05 අඟල් 05ක් වන තලෙළු සාමාන්‍ය සිරුරකින් යුත් කහ පැහැති අත්කොට කමිසයකින් සහ අළු පැහැති දිග කලිසමකින් සැරසුණු, හිසකෙස් සුදු පැහැ වී ඇති පිරිමි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්නැයි යෝජනාවක්

Admin

බැඳුම්කරයෙන් ඊපීඑෆ් එකට කෝටි 1400ක පාඩුවක්‌

colombotoday

උතුරේ නව ආණ්ඩුකාරවරයා ගැන විග්නේෂ්වරන් කියන දේ…

colombotoday

කෙසෙල්වත්ත පොලිසියේ 20 ක් නිරෝධායනයට

colombotoday

ජනපති හමුවෙන්න අවශ්‍ය බව කී පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ගැබිනියක කළ සැමියාට වසර 39ක සිර දඬුවමක්

Admin