Colombo Today Local News

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රියක්

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කරන්නේ, තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයෙන් අලුයම 4.15ට පිටත් වන මෙම දුම්රිය පෙරවරු 10.34ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වන අතර සවස 3.35 ට කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.48 ට තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයට ළගා වන බවයි.

වායුසමනය කළ පළමු පන්තියේ මැදිරි දෙකකින් ද දෙවන පන්තියේ වෙන්කළ ආසන මැදිරි දෙකකින් හා දෙවන, තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි වලින් ද මෙම දුම්රිය සමන්විත බව දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසයි.

Related posts

පැණි බීම, සීනි බද්දත් පහළට…

colombotoday

සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

Admin

අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනයක්

Admin

වැඩ බැරි දේශපාලඥයෝ අපිට මාෆියාකාරයෝ කියනවා

Admin

උසාවි සම්ප්‍රදාය කඩා භික්ෂූන් වහන්සේගේ දෑතට මාංචු දමයි !

colombotoday

මද්‍යසාර හේතුවෙන් ලංකාවේ වසරකට පුද්ගලයින් 23,000ක් ජීවිතක්ෂයට

colombotoday