World

ලොව උසම සුනකයා මිය යයි

ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටි සියුස් පසුගියදා අඟහරුවාදා මිය ගිය බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත.එම සුනකයා සියුස් ග්‍රේට් ඩේන් වර්ගයට අයත් බලු පැටියෙකු වූ අතර අස්ථි පිළිකාවක් වැළඳීම හේතුවෙන් පසුගියදා ශල්‍ය කර්මයකට මුහුණ දුන්නේය.

ශල්‍ය කර්මයේදී සියුස් ගේ ඉදිරිපස දකුණු කකුල ඉවත් කර ඇති අතර ශල්‍යකර්මයෙන් පසුව ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් සියුස් මිය ගොස් ඇත. මියයන විට සියුස්ගේ වයස අවුරුදු තුනක් බවත් ලබන නොවැම්බර් මාසයේ හතරවැනි උපන්දිනය සැමරීමට සියුස් සූදානමින් සිටි බවත් ස්කයි නිව්ස් පුවත් සේවය පෙන්වා දී තිබේ. සියුස් ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව 2022 වසරේ හිමිකරගෙන තිබේ. සියුස් ගේ උස අඩි 3යි අඟල් 5.18 කි.

ටෙක්සාස් ප්‍රාන්තයේ බෙඩ්ෆෝර්ඩ් නගරයේ තම අයිතිකාරිනිය වූ බ්‍රිට්නි ඩේවිස් සමඟ ජීවත් වූ සියුස් ඇයගේ උකුලේම අවසන් හුස්ම හෙලූ බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත.

Related posts

සූකීගේ නිලධාරියකු හමුදා අත්අඩංගුවේ සිටියදී මිය යයි

colombotoday

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට

colombotoday

භූමදාන සහ ආදාහන වෙනුවට මිනිස් මළ සිරුරුවලින් කම්පෝස්ට් පොහොර හදයි

Admin

ස්විට්සර්ලන්තයේ බුර්කා තහනම ජනමත විචාරණයෙන් තීන්දු වෙන ලකුණු.

colombotoday

දරුවන්ගේ හැසිරීම නරකනම් දෙමාපියන්ටත් දඬුවම්. – නව නීති සම්පාදනය කෙරේ.

colombotoday

ඊජිප්තුව සහ රුසියාව අතර ගුවන් ගමන් රුසියාව නවතාදමයි

colombotoday