Colombo Today Local News

පුද්ගලයෙකු ඝාතනය කළ සිව්දෙනෙකුට මරණ දඬුවම

තියුණු සහ මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරුවන් කරමින් ඔවුන්ට කළුතර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

1996 වසරේ ජනවාරි 02වන දින කළුතර මදිනකන්ද ප්‍රදේශයේදී තියුණු සහ මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කළුතර මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකර තිබුණි.

නඩුවේ 1,2,3 සහ 5 වන විත්තිකරුවන්ට මෙහිදී මරණ දඬුවම නියම කළ අතර 6 සහ 7 විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබේ.

එම නඩුවේ සිව්වන විත්තිකරු මියගොස් ඇති බවට මහාධිකරණයේදී කරුණු අනාවරණ වි ඇත.

දීර්ඝ නඩු විභාගයක් පැවති මෙම නඩුවේ සාක්කිකරුවන් 14 දෙනෙකුගෙන් සාක්කි කැඳවා තිබුණි.

ඒ අනුව, සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් පසු එම නඩුවේ විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණය විසින් ඔවුන්ට ඊයේ(11) දින මරණ දඬුවම නියම කර තිබේ.

Related posts

මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි

colombotoday

රටපුරා මහජන ආරක්ෂාවට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු

colombotoday

“ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා”

colombotoday

ජනපති, අගමැති වනජීවී නිලධාරිනිය සමගයි !

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගත් හේතුව ? – ජනපති කියයි (Video)

colombotoday