World

වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්

මුහුද යට වරකට මාසයකට ආසන්න කාලයක් ජීවත් විය හැකි නැවතුම්පොළක් ඉදිකිරීමට ඩීප් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් පිරිසක් සැලසුම් කර ඇත.

වේල්සයේ මුහුදු වෙරළ ආසන්නයේ මුහුදු මට්ටමේ සිට අඩි 660ක් පහළින් මෙම නැවතුම්පොළ ඉදිකිරිමට තීරණය කර තිබේ.

මුහුදේ ඉර එළිය වැටෙන කලාපයේ සිටින සියයට 90 ක් මුහුදු ජීවින් අධ්‍යනය කිරීම සඳහා පර්යේෂකයන්ට මෙම නවාතැන්පොළ යොදා ගැනීමට හැකියාව තිබෙන බව විද්‍යාඥයන් පිරිස පෙන්වා දෙයි.

මතුපිටට පැමිණීමකින් තොරව පර්යේෂකයන්ට මෙම නවාතැන්පොළ තුළ වරකට දවස් 28ක් ජීවත් විය හැකි බව ඩීප් සමාගම පවසා තිබේ.

ඩීප් යනු සාගරය තුළ භාවිත කළ හැකි තාක්ෂණය පිළිබඳ පර්යේෂණයන් සහ ගවේෂණයන් සිදු කරන සමාගමකි.

මුහුද මතුපිට සිට ජීවින් අධ්‍යනය කරනවාට වඩා එම මුහුදු ජීවින් සමඟ ජීවත් වෙමින් අධ්‍යනයන් සිදු කිරීම මගින් මෙතෙක් පර්යේෂණ සිදුකළ ආකාරයේ වෙනසක් සිදු වනු ඇතැයි ඩීප් සමාගම පෙන්වා දෙයි.

මෙම නවාතැන්පොළ 2027 වසර වනවිට ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඩීප් සමාගම පවසා තිබේ.

Related posts

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin

ඉන්දීය මන්ත්‍රීවරුන් 141කගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි

Admin

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

colombotoday

චීන දේපල විකිණුම් සමාගමක් දැඩි මූල්‍ය අර්බුදයක – ලෝක ආර්ථිකයටත් බලපෑම්

colombotoday

හමාස් සටන්කාමීන්ට අවි පුහුණුව දෙන ෂියා මුස්ලිම් හිස්බුල්ලා සාමාජිකයන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin