Colombo Today Local News

ලං.වි.ම ප්‍රතිව්‍යුහගතකරණයට අදාල පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල පනත ලබන මාසයේ මැතිසබයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5)දින පැවසීය.

පනත් කෙටුම්පතට සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු කීය.

විදුලිබල මණ්ඩලයේ 24000ක් සේවකයන්ගේ කාර්යක්ෂමතාවය පිලිබඳ ගැටලු පවතින බවත් අවශ්‍ය තැන්වලදී සේවකයන් අඩු කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සමහර සේවාවන්ට පිටතින් සේවකයන් බඳවා ගන්නා හෙයින් මණ්ඩලයට විශාල බරක් පැටවෙන බවද ඔහු පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, සමගි ජන ජන බලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

LTTE සාමාජික තිලීපන් සිහිකරන්න ගිය සිවාජලිංගම් අත්අඩංගුවට

colombotoday

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

colombotoday

කෝටි 50ක් ගත්ත හොරා මම නෙවෙයි. අනික් ඇමතිලා දෙන්නගෙන් අහන්න. රවී කරුණානායක කියයි.

colombotoday

සබීතාගේ බිල්ඩිමට තවත් කෝටි හයක් ඉල්ලයි.. පරිපූරකය පාර්ලිමේන්තුවට

colombotoday

රට වටෙන්ම කොඩියට කතිරය ගැහුවොත් ඥානසාර හිමිට පාර්ලිමේන්තුවට යා හැකියි

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin