Colombo Today Local News

අවුරුදු හතරක දැරියට පහරදුන් මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

අවුරුදු හතරක් වයැසැති දියණියකට පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා බව කියන අයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව දොරටියාව පොලීසිය පවසයි.

සැකකාර යුවළ කුරුණෑගල අලකොළදෙණිය මොඩර්වත්තේ පදිංචිකරුවන්ය.

පහර දීමෙන් දැරියගේ මුහුණට, කොන්ද පෙදෙසට සහ අත්පා වලට තුවාල සහ තැළුම් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

පහර වැදීමෙන් ඇගේ ඇස් පෙදෙසට හානි සිදුව ඇත.

දින ගණනාවක්ම දැරිය නිවසේදී පහර කෑමට ලක්ව තිබෙන අතර අසල්වාසීන් ඒ බව පොලීසියට දැන්වීමෙන් අනතුරුව මව සහ බාප්පා අත්අඩංගුවට ගෙන දැරිය ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සැකකාර මවට අනියම් සැමියාට දාව මාස අටක් පමණ වයැසැති බිළිඳෙකු සිටින බවද පැවසේ.

Related posts

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ගැන දැනුම්දීමක්

Admin

මහින්දානන්ද රිමාන්ඩ්

colombotoday

චතුර සේනාරත්න බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර යකා නටයි. – තාත්තගේ තනියට යන්න වෙන ලකුණු.

colombotoday

සමූපකාර ප්‍රතිඵල දෙකක් නිකුත් වේ

Admin

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඉන්ධන ටොන් 278ක් තවදුරටත් ඇති බව හෙළිවෙයි

colombotoday

චමල්, මහින්දානන්ද, විදුර ඇතුළු පහක් ශ්‍රීලනිප සංවිධායක ධුරවලින් ඉවතට ?

colombotoday