Colombo Today Local News

අදත් තද වැසි – දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ගිං ගඟ, නිල්වලා ගඟ, කලු ගඟ හා අත්තනගලුඔය පරිහරණය කිරීමේදී විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

එහි අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කරන්නේ, එම ගංගාවල ජලමට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් පිළිබඳ නිකුත් කළ රතු නිවේදනය තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

රත්නපුර, කෑගල්ල, ගාල්ල, මහනුවර සහ කළුතර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අදත් මිලිමීටර 50 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40 – 45 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

Related posts

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සිතාසි

colombotoday

පාස්කු පැමිණිල්ල කාදිනල් දෙවියන්ගේ අධිකරණයට භාරදෙයි

colombotoday

ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දෙන්න බාධාවක් නෑ

Admin

NMRA නිලධාරින් 5දෙනා 13වනදා තෙක් රිමාන්ඩ්

Admin

වැස්සෙන් ආපදාවට පත්වූවන් 6000 පනී

Admin

පෙර නොවූ බද්දක් විදුලියටත් වැටෙයි.. 2%ක බදු වැඩිවීම 2 සිට ක්‍රියාත්මකයි

colombotoday