Colombo Today Local News

ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට..

කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවට යවා ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, අදාළ රෝගියාට ලබාදුන් කෝ ඇමෙක්සි ක්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධයේ සාම්පල ද වැඩිදුර විමර්ශන සඳහා ඔස්ට්‍රේලියාවට යැවූ බවයි.

අදාළ විමර්ශනවල ප්‍රතිඵල ලද වහාම එම මරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එලෙස මියගොස් තිබුණේ, කැපුම් තුවාලකට ප්‍රතිකාර ගැනීමට වරකාපොළ සිට පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ රෝගියාට ලබාදුන් කෝ ඇමෙක්සි ක්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ.

Related posts

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

Admin

උද්දමනය පහලට

Admin

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday

පිල්ලයාන් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරයි

colombotoday

පෞද්ගලික බස් රථ වලට ලංගමට අයත් ඩිපෝ වලින් ඉන්ධන

colombotoday