Colombo Today Local News

STF 39 වන රණවිරු ගුණ සැමරුම අද

පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) 39 වන රණවිරු ගුණ සැමරුම අදට(01) යෙදී තිබේ.

දශක තුනක් පැවති යුද්ධයෙන් මවිබිමේ භෞමික අඛණ්ඩතාවය සහ සෛවරිභාවය ආරක්ෂා කිරිමට දිවි හිමියෙන් කැපවුණු පොලිස් විශේෂ කාර්ය බලකාය දකුණු ආසියාවේ විශිෂ්ටතම අතුරු හමුදාවයි.

ත්‍රස්තවාදය මවිබිමෙන් අතුගා දැමීමට සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කළ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 464 දෙනෙක් හා කම්කරුවන් 6 දෙනෙකු රට වෙනුවෙන් දිවි පුදා තිබේ.

ආබාධිත තත්ත්වයට පත්වූ නිලධාරීන් සංඛ්‍යාව 744 කි.

ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවය විශේෂ කර්ය බලකායේ කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියස අද පැවැත්වෙයි.

ඊට සමගාමීව විශේෂ කාර්ය බලකාය අනුරාධපුර, කතරගම, අම්පාර යන කඳවුරුවල රණවිරු ස්මාරක අභියස ද රණවිරු සැමරුම් උත්සව පැවැත්වෙන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

Related posts

මයික් පොම්පියෝ ට විරුද්ධව ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි..

colombotoday

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි

colombotoday

‍රතු හාල් නැත්තේ රනිල් නිසා

Admin

මීටරේ නැතිව 20වනදා පටන් කුලී ගමන් තහනම්

colombotoday

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරිනීතිය පැනවේ

colombotoday

රථ වාහන දඩ මුදල් ගෙවන්න අලුත් ක්‍රමයක්

colombotoday