දිවයින පුරා වියළි කාලගුණයෙන් විනාශ වී ඇති කුඹුරු අක්කර ප්රමාණය 54,810ක් බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.
වැඩිම හානියක් වාර්තා වන්නේ, කුරුණෑගල දිස්ත්රික්කයෙනි.
එම දිස්ත්රික්කයේ විනාශ වී ඇති කුඹුරු අක්කර ප්රමාණය 15,923 කි.
මේ හේතුවෙන් අක්කර 344 දශම 60ක ප්රමාණයක් අනෙකුත් බෝග වගාවන් ද විනාශ වී ඇත.