World

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට Band-e-Amir ජාතික වනෝද්‍යානය තහනම් කෙරේ…

ඇෆ්ගනිස්ථානයේ බාමියන් පළාතේ Band-e-Amir ජාතික වනෝද්‍යානය නැරඹීමට තලේබාන් සංවිධානය කාන්තාවන්ට තහනම් කර තිබේ.

එරට අමාත්‍ය මොහොමඩ් කලීඩ් හනාෆි පවසා ඇත්තේ, කාන්තාවන් වනෝද්‍යානය තුළ හිජාබය පිළිබඳව සැළකිලිමත් නොවන බවයි.

විසඳුමක් ලැබෙන තුරු කාන්තාවන්ට ඇතුළුවීම තහනම් කරන ලෙස ඔහු ආගමික පූජකවරුන්ගෙන් සහ ආරක්ෂක ආයතනවලින් ඉල්ලා තිබේ.

Band-e-Amir යනු සැලකිය යුතු සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් වන අතර එය 2009 දී ඇෆ්ගනිස්ථානයේ පළමු ජාතික වනෝද්‍යානය බවට පත් කර තිබේ.

එය පවුල් පිටින් පැමිණ විනෝද වීම සඳහා ජනප්‍රිය ස්ථානයක් වන අතර කාන්තාවන්ට පැමිණීම තහනම් කිරීම නිසා බොහෝ දෙනෙක් උද්‍යානය නැරඹීම සඳහා නොපැමිණෙනු ඇතැයි විශ්වාසය පළ කරේ.

2022 දෙසැම්බරයේදී කාන්තාවන්ට පාසල් පැමිණීම තලේබාන් සංවිධානය විසින් තහනම් කරනු ලැබීය.

පසුව තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කොණ්ඩා හා රූපලාවන්‍යාගාර වසා දැමීමට නියෝග කළ අතර ජූලි මැද භාගයේදී කාන්තාවන් ජාතික විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගවලට පෙනී සිටීමද නතර කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

හදවත් සසල කළ අකුණු පහර කැමරාවේ

Admin

ඉතාලියත් සංක්‍රමණිකයන්ට දොර වහයි.. තොටුපොළවල් වසා දමයි.. බෝට්ටු සේවා අවහිර කරයි !

colombotoday

පිලිපීනයේ වැඩවලට ඇගිලි ගහන්න ගිය ඔබාමාට පිලිපීන ජනපති අමු කුණුහරුපෙන් අමතයි !

colombotoday

රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට

colombotoday

ප්‍රංශයේ නිරුවත් නගරයේ 150කට කොරෝනා වැලදෙයි

colombotoday

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න හදයි

colombotoday