මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වමින්, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බව කියන කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මුල්ලේරියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කාන්තාවගේ අන්වර්ථ නාමය “දෝණි” බවටයි පැවසෙන්නේ.
වයස අවුරුදු 37ක් පමණ වන, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 07යි, මිලි ග්‍රෑම් 100 ක් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.