Colombo Today Local News

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගෙන යෑමේ තීරණයක්..

වෙළෙඳපොළ පොලී අනුපාත තීරණය කෙරෙන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගෙන යෑමට තීරණය කර තිබේ.

ඒ අනුව, මහ බැංකුව වාණිජ බැංකුවලට ණය ලබා දීමේදී අය කරන පොළිය වන නීත්‍ය ණය පහසුකම් අනුපාතිකය 12% ක් වනු ඇති.

වාණිජ බැංකුවල ඉතුරුම් සඳහා මහ බැංකුව ගෙවන පොළිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 11% කි.

ශ්‍රි ලංකා මහ බැංකුව සිය මුල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කරමින් අවස්ථා ගණනාවකදී සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික පහළ දැමුවේ ය.

ඊට අමතරව වාණිජ බැංකු මහ බැංකුවේ අනිවර්යෙන් පවත්වා ගත යුතු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද පහළ දැමුවේ ය.

කෙසේ වෙතත් ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිරීක්ෂණය කර ඇත්තේ, ඊට සමාගාමීව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහණ ගොස් නොමැති බවයි.

ඒ අනුව, වෙළෙඳපොළ ණය අනුපාතිකයන් සඳහා උපරිම සීමාවන් පැනවීම කෙරෙහි මුදල් මණ්ඩලයේ අවදානය යොමුව ඇත.

මේ යටතේ උකස් ණය සඳහා වසරකට අය කළ හැකි උපරිම පොලී අනුපාතිකය 18% ක් ලෙසත් ණය කාඩ් පත් සදහා අය කර ගත හැකි උපරිම පොලීය 28% ක් ලෙසත්, ඊට අමතරව දඩ පොලිය 2% කට සීමා විය යුතු බවටත් මුදල් මණ්ඩලයේ අදහසයි.

ඒ සඳහා වන නියෝග නුදුරේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කළේ ය.

Related posts

ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

බැදුම්කරය ගැන කතාකරන සර්වපාක්ෂික නායක හමුවට ජවිපෙ, ඒ්කාබද්ධය, TNA නොයයි

colombotoday

උණුකරගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් බීමට ගන්න

colombotoday

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

colombotoday

ජනපති මෛත්‍රී දුරකථනයෙන් අමතා වරද නිවැරදි කිරීම ගැන ඉන්දීය අගමැති මෝදි සතුට පලකරයි..

colombotoday

අත් පා නොමැති කාන්තා මළ සිරුරක් වැවකින් මතු වෙයි

Admin