Colombo Today Local News

මහනුවර ඇසළ පෙරහැර ‍වෙනුවෙන් අනිද්දා සිට විශේෂ දුම්රිය සේවාවක්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවැනි කුඹල් පෙරහැර අද (24) රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනු ඇත.

මේ අතර මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් ජනතාවගේ ගමන් පහසුව උදෙසා විශේෂ දුම්රිය 4ක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

අනිද්දා (26) සිට ලබන 30 වැනි දා දක්වා එම දුම්රිය ධාවනය වන බව දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ මහතා පවසයි.

ඒ අනුව, එක් දුම්රියක් කොළඹ කොටුවේ සිට නුවර දක්වා සහ නැවත කොටුව දක්වා ධාවනය වනු ඇති.

පෙරහැර අවසන් වී පිටත් වන ජනතාව සඳහා මහනුවර සිට මාතලේ, මහනුවර සිට නාවලපිටිය සහ නුවර සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය වන බව එම්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

colombotoday

ඇඟලුම් උපාංගවලට තීරු බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

වැඩබලන පොලිස්පති නව පොලිස්පති ලෙස පත් කරන්නැයි ජනපතිගෙන් යෝජනා..!

colombotoday

මුන්නේෂ්වරම් දේවාල භූමිය අසලින් අනුරාධපුර යුගයේ නටඹුන් මතුවෙයි (Photo)

colombotoday

වන්නි රණවිරුවන් දංගෙඩියට යවන්න LTTE ඩයස්පොරාව හිලරිට සෙට් වෙයි

colombotoday

මනාප සටන උණුසුම් වෙයි.. එකම පක්ෂයේ අපේක්ෂකයින් අතරත් ගුටිකෙළි..

colombotoday