Colombo Today Local News

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය මාණිප්පායි සන්දිලිප්පායි උතුර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුලුවූ නාදුනන පිරිසක් විසින් නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ගිනිතබා පලා යාමෙන් දේපල රැසකට දැඩි හානි සිදුව තිබේ.

කළු රෙදිකඩවලින් මුහුණු ආවරණය කරගත් පිරිසක් අදාල නිවසට ඇතුලු වූ අවස්ථාවේදී එක් තරුණයෙකු නිවස තුල සිට ඇති අතර එම තරුණයාට පහර දී පලවා හැර නිවසට පෙට්‍රල් බෝම්බ වලින් පහරදී ගිනිතැබීම සිදුකොට ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

පසුව එම පිරිස් විසින් නිවස ඉදිරිපිට තිබූ යතුරුපැදි දෙකකටද ගිනිතබා පලා ගොස් ඇති අතර අදාල යතුරුපැදි දෙකද සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.

එමෙන්ම නිවසේ තිබූ උපකරණ ඇතුලු දේප රැසක් ගින්න හේතුවෙන් සම්පූරණයෙන්ම විනාශ වී ඇති අතර ප්‍රදේශවාසීන් විසින් නිවසේ ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබේ.

Related posts

“අලි විකුණමු.. රිලවු මරමු’ හෙළ උරුමයේ අළුත් තේමාවයි “ (Video)

colombotoday

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

colombotoday

චතුර ප්‍රේක්ෂකාගාරය කුල්මත් කරයි.. යුද්ධය දිනන්න උදව්කළ හැටි හෙළිකරයි (Video)

colombotoday

ඇවන්ගාඩ් සමාගමේ යුක්රේන ජාතික කපිතාන්වරයෙකු අත්අඩංගුවට

colombotoday

දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඉන්ධන කාඩ්පත ලබාගත හැකි ක්‍රමය

colombotoday

චමල් රාජපක්ෂට රාජ්‍ය ඇමති ධුරයක්..

colombotoday