Colombo Today Local News

ලංවිම බඳවාගැනීම් සහ ස්ථිර කිරීම් අත්හිටුවයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සමගාමීව මානව සම්පත් විගණනයක් ක්‍රියාත්මක වීම නිසා නව බදවාගැනීම් සහ ස්ථිර කිරීම නොකළ යුතු බවත් එක් එක් සිද්ධියට අදාලව විදුලිබල අමාත්‍යාංශයේ අවසරය ගතයුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම මණ්ඩලයේ ප්‍රධානීන්ට දන්වා ඇත.

පුහුණු විදේශ සංචාර වෙනුවෙන් නිලධාරීන් නම් කිරිම්දී වසර 3ක් හෝ තව දුරටත් සේවය කළ හැකි නිලධාරීන් නම් කරන ලෙස සහ සංචාරවලින් තොරව එම කටයුතු සඳහා මාර්ගගත ක්‍රමයන් යොදා ගන්නා ලෙස ද අමත්‍යවරයා උපදෙස් දී ඇති අතර භෞතික සම්පත් විගණනයක් ක්‍රියාත්මක වීම නිසා නව ගොඩනැගිලි සහ කාර්යාල මිලදී ගැනීම හෝ කුලියට ගැනීමද නවතා දමන ලෙස සහ රථවාහන කුලියට ගැනීම් නතරකිරීම සම්බන්ධයෙන් ද අවදානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

Related posts

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්..

colombotoday

“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“

colombotoday

එජාප හිටපු ඇමැති රවී කරුණානායක පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට

colombotoday

නීතියේ ස්වාධීනත්වය රන්ජන්ගේ දුරකථනයෙන් බේරෙයි…. රන්ජන් සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ කුමන්ත්‍රණයත් ලීක් !

colombotoday

ජනපතිට පිට කොන්දක් තිබේනම්, කරන්න ඕන දේ කියයි !

colombotoday

වී නිශ්පාදනය 46%කින් පහත වැටේ… පසුගිය දශකයේ අඩුම වී නිෂ්පාදනය 2017 වසරේ

colombotoday