Colombo Today Local News

ඉන්දියාවෙන් දෙන නිවාස 661ක ඉදිකිරීම් අවසන්

ඉන්දියානු රජයේ ආධාර මත දිවයින පුරා ක්‍රියාත්මක ගම්මාන 101ක නිවාස 1401ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කියයි.

මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට නිවාස 661ක ඉදිකිරීම් අවසන් කර තිබේ. තවත් නිවාස 338ක ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ද එම අධිකාරිය පවසයි.

ඉන්දියානු රජයේ ආධාර යටතේ දිවයින පුරා ක්‍රියාත්මක ගම්මාන 101 න් ගම්මාන 07 ක නිවාස ඉදිකිරීම් අවසන් කොට ජනතා අයිතියට පත් කර තිබේ.

මඩකලපුව, යාපනය, ගම්පහ, මහනුවර, වව්නියාව, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකළ ගම්මාන මෙලෙස ජනතා අයිතියට පත් කර ඇත.

මාතලේ, කිළිනොච්චිය සහ පුත්තලම ගම්මාන වල නිවාස ඉදිකිරීම් අවසන් කර තිබේ.

මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 2400කි.

විෂයබාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇත්තේ ඉතිරි ගම්මාන වල ඉදිකිරීම් ද කඩිනම් කරන ලෙසයි.

Related posts

ඇඳිරිනීතිය පිළිබඳව නිකුත් කල නවතම නිවේදනය

colombotoday

මහාචාර්ය ගුණපාල නානායක්කාර ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙක් ඉවතට

colombotoday

ධම්මික පැණිය ගැන තීරණය සති 2කින්

colombotoday

හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලන් චප්ප කරන එක හොද නෑ

colombotoday

තේ අපනයනය පහත වැටේ.. සත්වසරකදී අඩුම අපනයන 2016 දී

colombotoday

2020 මැතිවරණ දිනය ගැන අවසන් තීරණය මේ සතියේදී

colombotoday