Colombo Today Local News

නාරාහේන්පිට ලැඟුම්හලකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2ක් සමග පිලිපීන ජාතිකයෙකු අත්අඩංගුවට

නාරාහේන්පිට ප්‍රදේශයේ ලැඟුම්හලකදී කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පිලිපීන ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සමග එක්වී සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 294ක් සමග පිලීපන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුව සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී මත්ද්‍රව්‍ය ලබාගැනීමට ලැඟුම්හල වෙත මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ද රුපියල් ලක්ෂ 07ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විදේශගතවී සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ උපදෙස් මත මෙම මත්ද්‍රව්‍ය රැගෙන යාම සඳහා පැමිණ ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිලිපීන ජාතිකයා 28 හැවිරිදි තරුණයෙකු වන අතර මත්ද්‍රව්‍ය ලබාගැනීමට පැමිණි පුද්ගලයා 49 හැවිරිදි කිරුළපන ප්‍රදේශයේ පදිංචි අයෙකි.

පිලිපීන ජාතිකයා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර 49 හැවිරිදි කිරුළපන ප්‍රදේශයේ පදිංචි සෙසු සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

දක්ෂ, කාර්යශූර මට නිකරුණේ මඩ ගහනවා… ජනපතිත් වගකිව යුතුයි… දේශපාලනයෙන් ඉවත්වෙන්න හිතෙනවා…

colombotoday

කොරෝනා එන්නත විද ගත් පළමු ඇමති

colombotoday

ත්‍රිවිල් ඉස්සූ හතරක් අත්අඩංගුවට. අවුරුදු 14ක සැකකරුවෙකුත් ඒ අතර

colombotoday

කුපිත කරවූ පිරිස් ජොන්ස්ටන්ගේ කාර්යාලයටත් ජනතාව කඩා පනී

colombotoday

පුවක්පැළේදී බස් රථයක් පෙරලී 17ක් රෝහලේ

colombotoday