Colombo Today Local News

කෙලවරපිටිය ග්‍රීඩ් උප පොළේ සිට නුගපේ දක්වා විදුලි රැහැන් අදින්න කැබිනට් අනුමැතිය

කෙලවරපිටිය ග්‍රීඩ් උප පොළේ සිට නුගපේ හන්දිය දක්වා කිලෝ වෝල්ට් 33ක ද්විත්ව පරිපථ සීබ්‍රා කුළුණු මත විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අදාළ විදුලි රැහැන් මාර්ගයේ මුදියන්සේ ඇල ආශ්‍රිතව ඉදිකිරීම වෙනුවට මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශයේ මායිම අද්දරින් ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇත.

ඒ අනුව, යෝජිත විකල්ප මාර්ගය ඔස්සේ විදුලි රැහැන් මාර්ගයේ ඉදි කිරීමට හැකි වන පරිදි නව ගැසට් නිවේදනයක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කිරීම සඳහා පරිසර විෂය භාර අමාත්‍යවරයාට බලය ලබාදීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Related posts

වසර එකහමාරක් තුළ ආර්ථිකය ශක්තිමත් කරන්න රනිල් රට භාරගන්න සූදානම්

colombotoday

පානදුර කාන්තා බූරු පිටියක් වටලයි. | පොලීසියෙන් මිදී පැනයාමටත් උත්සාහ කරලා

colombotoday

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

අගමැතිකමෙන් ඉවත් නොවන්නැයි මහින්ද රනිල්ට කීවා..

colombotoday

උමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාදයෙන් කෝටි 4,500ක පාඩුවක්

Admin

පුරවැසි බලයට සාධාරණ සමාජය උරණ වේ.. යහපාලක සභාවේ ගුටි කෙළියක් 99න් වළකී !

colombotoday