Colombo Today Local News

වැලිමඩ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් මාසිකව ඩුබායි යැවීම අරඹයි

වැලිමඩ උළුගලවත්ත කාබනික ඝන පොහොර මධ්‍යස්ථානය මගින් මාසිකව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් අපනයනය කිරීමේ කටයුතු අරඹා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

මෙම පොහොරවලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඩුබායි හි ඉදි කෙරෙමින් තිබෙන වගා ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබයි.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ තිබෙන වැලිමඩ උළුගලවත්ත කාබනික ඝන පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ,

ගොවිතැනින් සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට නම් කාබනික හා රසායනික පොහොර දෙවර්ගයම නිර්දේශිත ප්‍රමාණයන් අනුව යෙදීම මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට මෙන්ම ආහාරවල ගුණාත්මකභාවයටත් හේතුවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පර්යේෂණ මගින් සනාථ වී තිබෙන බවයි.

Related posts

සකුරා අලි පැටියාගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ නිදොස් කොට නිදහස්

colombotoday

ඒ නවය මාර්ගය දඹුල්ලෙන් වහසා ගොවීන් විරෝධයක

colombotoday

සජිත් නාවොත් දේශපාලනයෙන් ඉවත්වෙන්න හරීන් සුදානමින්

colombotoday

නවක වදය ගැන පරීක්ෂණ CIDට පවරයි

Admin

රුහුණේ කුලපති නෙරපීම ආණ්ඩුවේ මිනී වළ කපා ගැනීමක්

Admin

මහරගම මුස්ලිම් කඩයට පහර දී ඇත්තේ හෙළ උරුමයේ හිටපු මන්ත්‍රීවරයෙක් !

colombotoday