Colombo Today Local News

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 10කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේවස්ථානයට ඇතුළු වු තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර තිබේ.

වෙඩිතැබීම සිදුකළ ත්‍රස්වාදීන් දෙදෙනාගෙන් එක් අයෙකු මේ වන විට එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා පළා ගොස් ඇති බව විදෙස් මාද්‍ය පවසයි.

මේ වන විට ප්‍රහාරය එල්ල වු ප්‍රදේශයේ වෙළෙඳසැල් සියල්ල වසා දමා ඇති අතර නගරයට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඉන්දියාවෙනුත් මිනිසුන් අභ්‍යාවකාශයට

Admin

පොල් තෙල් නිෂ්පාදනාගාරයක් ගිනි බත් වෙයි

colombotoday

රට රැකියා සිහින පෙන්නා මුදල් ගරන වංචනිකයින් ගැන දැනුම් දෙන්න අංකයක්… – ගෙවුණු මාස දෙකට 24ක් කොටු

Admin

අරගලයට සහයෝගය දෙන බව මැලිබන් සමාගම පවසයි.

colombotoday

කොරෝනා අස්සේ තවත් වසංගතයක් බෝ වෙයි.

colombotoday

අසාත් සාලි ඉවතට !!

colombotoday