දේශීය රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් මිල අද (10) දිනය වන විට තරමක් පහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 159,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 173,000 ක් දක්වා ද, මිල අද (10) දිනයේ පහළ ගොස් තිබූ බවත් මීට දින දෙකකට පෙර කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 161,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 175,000 ක් දක්වා ද ඉහළ ගොස් තිබූ බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.