Colombo Today Local News

’වතු ජනතාව බලාපොරොත්තු වන්නේ සාධාරණත්වය’

වතු ජනතාව බලාපොරොත්තු වන්නේ අනුකම්පාව නොව සාධාරණත්වය යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සිලෝන් ටී කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වගේම ප්‍රසිද්ධ දෙයක් වන නමුත් දැන් ඒ දෙකම කඩා වැටී තිබෙන බව මන්ත්‍රීවරයා කීය.

කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය ගැන කතා කරන නමුත් තවමත් ඔවුන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් බව කී මන්ත්‍රීවරයා එම ජනතාව රටට ඇවිත් වසර දෙසීයක් පිරෙන අතර සෙසු ජනතාවට තිබෙන ඉඩම් අයිතිය සංස්කෘතික අයිතිය ඔවුන්ට නැතැයි ද ඒවා ලබා දීමෙන් වතු ජනතාව සම්පූර්ණ පුරවැසියන් ලෙස පිළිගන්නැයි පැවසීය.

වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ ආර්ථික ගැටලු පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය අරඹමින් මනෝ ගනේෂන් මහතා මේ බව සඳහන් කළේය.

Related posts

ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

කොත්තු මිල පහළට

Admin

බෝතල් කපල කිරි දෙන හමුදාවක් නෙවෙයි අපි… කොට්ට, මෙට්ට නිරෝධායන මධ්‍යස්ථානවලට දීල අද අපේ හමුදාව නිදියන්නේ බිම – හමුදාපති හැඩුම්බරව කී කතාව (Video)

colombotoday

‘අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනතට‘ ජනපති අත්සන් තබයි !

colombotoday

පාර මාරුවෙමින් සිටි කතක් යතුරු පැදියේ ගැටී එතනම මිය යයි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයටත් දේශපාලනය රිංගයි – ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියට කැපිල්ලක්

colombotoday