Colombo Today Local News

නුවරඑළියේ නිවසකින් වෙඩි වැදී මිය ගිය අඹු සැමි යුවළක් හමු වෙයි

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ නිවසක් තුළ අඹු සැමි යුවළක් වෙඩි වැදී මිය ගොස් ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.

ඊයේ (7)රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බව පොලීසිය කියයි.

මෙම අඹුසැමි යුවළ අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි.

මියගිය කාන්තාව වයස අවුරුදු 26 ක්, බවත් ඇගේ සැමියා 28 හැවිරිදි වියේ පසුවන බවත් පොලිසිය සඳහන් කරයි.

මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත. මියගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (8)දින පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

මහනුවර, පොකුනුවිට විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේදී භික්ෂූන් වහන්සේලාට ඉස්ලාම් උගන්වයි

colombotoday

නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීම හෙට

colombotoday

ඌරන්ට ඇද තිබු විදුලි රැහනක පැටලී දෙදෙනෙකු මරුට

colombotoday

බෞද්ධ සමාජයට, සිංහලයන්ට අත්වෙන ඉරණම ගැන කණගාටුයි – රාමාඤ්ඤ මහා සංඝ සභාව

colombotoday

දීඝවාපිය දාගැබේ දකුණු ආයකය ආශ්‍රිත කැණීමෙන් ලෝහමය සිංහ රූප දෙකක් සොයා ගැනේ

colombotoday

නීතිය හා සාමය ජනපති යටතේම තබා ගනී…

colombotoday