Colombo Today Local News

නේමිගේ වැවේ ගිලී පාසල් සිසුවෙක් මරුට

මහඔය පොලිස් වසමේ නේමිගේ වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටි පිරිසක් අතරෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේ මියගොස් ඇත්තේ, මහවැල් ගම්මානය, පොල්ලේ බද්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

ඊයේ (07) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

මියගිය සිසුවා තවත් කිහිපදෙනෙකු සමඟ නේමිගේ වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර, එක් අයෙකු දියේ ගිලෙමින් සිටිනු දැක මරණකරු විසින් ඔහුව බේරා ගැනීමට උත්සාහ කිරීමේදී දියේ ගිලී ඇත.

පසුව පැමිණි පිරිස විසින් මෘත ශරීරය ගොඩ ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අගමැති ශුද්ධ වචනෙන් පාර්ලිමේන්තුව අමතයි. රූපවාහිනී සජීවී විකාශයත් අත්හිටුවයි.

colombotoday

කවුරු විරුද්ධවුණත් මට කැබිනට් ඇමතිකමක් ලැබෙනවා, ඒක ස්ථීරයි – රංගේ

colombotoday

අරගලකරුවන් ජනාධිපති මන්දිරය ඇතුලට යයි

colombotoday

ශ්‍රී ලාංකිකයින් 62ක් කුවේට් රාජ්‍ය‍යෙන් පිටුවහල් කරයි

Admin

කොවිඩ් මුස්ලිම් මරණ වැළලීමට රජයෙන් අවසර. | අලි සබ්‍රි තහවුරු කල බව තවුහිඩ් ජමාත් කියයි

colombotoday

ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල 40%කින් ඉහළට

colombotoday