World

පකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට

වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලබා ඇති සංඛ්‍යාව 100කට අධික වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ජමියට් උලමා-ඊ-ඉස්ලාම් පක්ෂය සංවිධාන කළ රැස්වීමකදී බෝම්බ පිපිරීම සිදුව ඇත.

ප්‍රහාරයෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයෙකු වන, අන්වර් උල් හක් මියගොස් ඇතැයි වාර්තා වෙයි.

තුවාල ලැබූවන්ගෙන් පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව, එරට බලධාරීන් පෙන්වා දෙයි.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

colombotoday

රොහින්ග්‍යා ජාතිකයන් වෙනුවෙන් බුද්ධගයාවට පහරදුන් පස්දෙනෙකුට ඉන්දීය අධිකරණයෙන් දඩුවම්…

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday

හයවන මොහොමඩ් රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

Admin

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

colombotoday

සුඩානයටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday