Colombo Today Local News

“රාජපක්ෂව ඉවත් කිරීම ‍හොද ක්‍රියාවක්.. ලංකාවේ අර්බුදය විසදන්න දැන් තමයි හොදම වෙලාව” – එරික් සෝල්හයිම්

solhime

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම හොඳ ක්‍රියාවක්‌ බව හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ අර්බුදයට විසඳුමක්‌ ලබාදීමේ අවස්‌ථාව දැන් එළඹ ඇති බවද හෙතෙම කියා සිටියේය. ප්‍රභාකරන් යුද්ධය කෙරෙහි විශ්වාසය තැබීම මෝඩ ක්‍රියාවක්‌ බව පැවසූ සෝල්හයිම් මිනීමැරීම් නතර කරන ලෙස ප්‍රභාකරන්ට පැවසූවත් ඔහු ඊට කන් නොදුන් බවද පැවසීය.

තමිල්නාඩුවේ හින්දු පත්‍රයේ හිටපු කර්තෘ එන් රාම් හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිට චෝදනා කරමින් ඇය ගරිල්ලා කණ්‌ඩායම් රැසකට ඉන්දියාව තුළ නිදහසේ කටයුතු කිරීමට ඉඩ දීමෙන් සිදු වූයේ රජීව් ගාන්ධි ඝාතනය වීම බවද හෙතෙම කීවේය.

ප්‍රභාකරන් අපරාධ කරන බව තේරුම් ගැනීමට නෝර්වේ රජය ක්‍රියා නොකළ බව පැවසූ රාම් නෝර්වේ රජය සිදු කළේ ශ්‍රී ලංකාව හා කොටි සංවිධානය සම තත්ත්වයට පත් කිරීම බව කියා සිටියේය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

කොළඹ පාසල් සතියකට වැසෙයි

colombotoday

වෙඩි තැබීමකට වනජිවි නියාමකවරුන් දෙදෙනක් අත්අඩංගුවට

colombotoday

අලුත් ව්‍යවස්ථාවක් එපා.. රණවිරුවන්ට දඩුවම් කරන පනතත් එපා ! ත්‍රෛනිකායික මහානාහිමිවරු ඒකමතිකව තීරණය කරති

colombotoday

‘දෙමළ කතාකරන අයගේ හිත රිදෙනවා.. බෞද්ධ විහාර එපා‘ – නැගෙනහිර සභාවට යෝජනාවක්

colombotoday

සභාවේදී ගුටි ඇණගනී… විවේකයේදී කේක් කවාගනී… ජනතා නියෝජිතයෝ ජනතාව රවට්ටන හැටි – වීඩියෝ සහිතයි

colombotoday

දර්ගා නගරයේ රු 5000ක් සමග පුද්ගලයන් දහසකගේ පාස්පෝර්ට් එකතුකරයි – සිරියාවට යැවීමටදැයි සැකයක්

colombotoday