Colombo Today Local News

නළු නිළියන්ට සහ හිතවතුන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා – ශම්මි සිල්වා කියයි

ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (25)දින පැවසීය.

එම තරගාවලියට සහභාගි වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපි නිකුත් කර ඇති බවත් එසේ වුවද ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිඳු මුදලක් වියදම් කර නොමැති බවත් සභාපතිවරයා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීමට අදාල නළු නිළියන් සහභාගි වූ අතර එම නළු නිළියන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලදී ද ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමට පැමිණෙන බවත් සභාපතිවරයා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (25)දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපති ශම්මි සිල්වා මහතා එසේ පැවසීය.

එම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ අදාල නළු නිළියන් සමඟ තමන් ඇතමුන් කියන ආකාරයේ ගමන් බිමන්වලට සහභාගි වී නොමැති බවත් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් වියදම් කර නොමැති බවත්ය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද සහභාගි වූහ.

Related posts

ඔස්ට්‍රේලියාවටත් වඩා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ තිබෙනවා. තවත් අලුත් ක්‍රීඩාංගන ඕනි නෑ – අර්ජුණ රණතුංග කියයි

colombotoday

බැසිල් වෙනුවට පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

යෝෂිත රාජපක්ෂ CIDයට

Admin

ශ්‍රී ලංකන් එයාර් විකිණෙයි.. විදුලිය ජලය හැර අනෙකුත් රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය ඇරඹෙයි

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා ඇරඹී ඇත්තේ මීට සති දෙකකට කලින් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19කට තුවාල

Admin