Colombo Today Local News

රාජකාරියේ සිටි ඇමැති ආරක්ෂක නාන කතක් විඩියෝ කරලා

නිවසකට ඇතුළු වී නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අම්පාර මූලස්ථාන පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ ආරක්ෂාවට යොදවා සිටි අයෙක් යැයි වාර්තා වෙයි.

මෙම පොලිස් සැරයන්වරයා හිටපු මන්ත්‍රීවරියගේ නිවසේ රාජකාරියේ නිරතව සිටින අතර වාරයේ යාබද ඉඩමකට හොර රහසේ ඇතුළු වී එම ඉඩමේ පිහිටි නිවසේ නාන කාමරයක සිටි කාන්තාවගේ දර්ශන සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

එම ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇතැයි කියති.

කාන්තාව මේ බව දැක කරන ලදපැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැරයන්වරයා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

“‘ආවා‘හැදුවේ ගෝඨාමයි“ උතුරු ආණ්ඩුකාරයා නෑ කියද්දීත් රාජිත හත්පොළේ දිවුරා කියයි

colombotoday

රන් මිල ඉහළ යයි

Admin

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත් ලබා ගැනීම පිණිස ගිවිසුම් ගත වීමට කැබිනට් අනුමැතිය

colombotoday

සුදුවෑන් ගැන කිව්ව රාජිතගේ නඩුව කල් යයි

Admin

නව ව්‍යවස්ථාවට එරෙහි වන අයට සිපිරිගෙය ! පනත ලෑස්තියි…

colombotoday

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

Admin