Colombo Today Local News

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

මීගමුව පොලිස් වසමේ අධිකරණ සංකීර්ණය පිටුපස කලපුවේ කාන්තා මළ සිරුරක් ඇති බවට මීගමුව පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මියගිය කාන්තාව අවුරුදු 40 – 45ත් අතර වයසේ පසුවන අතර, සුදු සහ කළු ඉරි සහිත ටී ෂර්ට් එකක් සහ කළු පැහැති සායක් හැඳ සිටි උස අඩි 5ක් පමණ වන බව පොලීසිය පවසයි.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

රෝහලේ ප්‍රතිකාර ලැබු පොලිස් සැරයන් අතුරුදන් – පොලිසිය විමර්ෂණ ඇරඹෙයි.

colombotoday

ව්‍යාපාරවල තනතුරු අත් හැර පාර්ලිමේන්තු ආ ධම්මික පෙරේරා ආයෙත් එන්නේ නෑ?

colombotoday

රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000ක් ආනයනය කරයි

colombotoday

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

අයවැයේදී ආණ්ඩුව පෙරලීම – විකල්ප අයවැයක් සැදීම PB ජයසුන්දරට පවරලා !

colombotoday

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday