Colombo Today Local News

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20)දින ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා එම සංචාරයේදී ඉන්දීය ජනාධිපති ශ්‍රී මතී ද්‍රොපදී මුර්මු මහත්මිය මුණ ගැසෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අනෙකුත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවී අනෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ඉවහල් වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Related posts

සැලසුම් කළ සැත්කම් ඇනහිටීමේ අවදානමක්

colombotoday

කුකුළු මසුත් ආනයනයට සැරෙසෙයි

Admin

මාලක සිල්වා අල්ලන්න වරෙන්තු

colombotoday

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක ණය ආධාරයක්

Admin

වැල්ලම්පිටියේ සඟවා තිබූ කසළ තේ කිලෝ 15000ක් වටලයි

colombotoday

නව කැලණි පාලම ලබන සඳුදා දක්වා වැසේ

Admin