Colombo Today Local News

නව කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ..

කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නැතැයි ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19)දින පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

කැලණි පාලමේ ඇණ ගැලවූයේ යැයි කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක්. පාලමේ ඇඳි වල
බට සොරකම් කරල තියෙනවා. වැසි ජලය ප්‍රවාහනය කරන පී.වී.සී බට හොරකම් කරල තියෙනවා. නව කැළණි පාලමේ සන්නිවේදන ගොඩනැගිල්ලේ තොරතුරු පද්ධතියේ ආරක්ෂාවට යොදවා තිබූ වායු සමීකරණ යන්ත්‍රවල බාහිර සවිකර තිබූ කොටස් සොරකම් කරල තියෙනවා. පාලමේ දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් ටික සොරකම් කරල තියනවා.

ජී.අයි බට සොරකම් කිරීමෙන් ලක්ෂ 40ක පාඩුවක් සිද්ධ වෙලා. වායු සමීකරණ යන්ත්‍ර කොටස් සොරකම් කිරීමෙන් මිලියන 0.5 ක පාඩුවක් සිද්ධ වෙලා. දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් සොරකම් කිරීමෙන් ලක්ෂ 10 ක පාඩුවක් සිද්ද වෙලා තියෙනවා. මුළු අලාභය ලක්ෂ හැටයි. නව කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ. ඒ අණ ගලවන්න බෑ. ඇණ ගලවන වානම් විශේෂිත උපකරණ ඒ ඉංජිනේරු සමාගම විසින් ගේන්න ඕන. එහෙම නැත්නම් පාලම අනතුරට ලක් වෙනවා. මේක නිකං ඇණගන්න ප්‍රකාශයක්.

Related posts

අතරුදන් පනතට සහය වූ සියළු දෙනා මරා දැමිය යුතු ද්‍රෝහීන් – රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday

විදුලි ගාස්තුව ගැන තීරණයක්

Admin

නීතිඥවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් ඓතිහාසික තීන්දුව

Admin

ලංකාව ඉන්දියාවේ වැසිකිළියක් බවට පෙරළන ‘සීපා’ එපා..!

colombotoday

මල්ලී ඇටවූ විදුලි රැහැනක පැටලී අයියා එලොව යයි

Admin

වසන්තගෙන් මූලික අයිතිවාසිකම් කඩවුනැයි පෙත්සමක්

colombotoday