Colombo Today Local News

අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ තවත් බිල්ලක්?

අම්බලන්ගොඩ ඌරවත්ත දුම්රිය මාර්ගයේ ඉතා අභිරහස් අයුරින් මිය ගිය තරුණයකුගේ සිරුරක් අද(18)උදෑසන සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ සොයා ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක පමණ නාදුනන තරුණයකු බව පොලීසිය කියයි.

මිය ගිය තරුණයාගේ කකුලක කොටසක් දක්නට නොලැබෙන බවත් හිසට බරපතල තුවාල සිදුව තිබෙන බවත් මෙය දුම්රියේ ගැටි මිය යාමක් නොවන බව ඒ අවස්ථාවේදී ධාවනයවූ දුම්රිය රියදුරන් පැවසූ බවත් ද පොලීසිය කියයි.

මේ තරුණයා ඝාතනය කොට දුම්රියට හසුවී මිය ගියේ යයි පෙන්වීම සදහා මෙම ස්ථානයට ගෙන දමන්න ඇති බවට පොලීසිය සැකකරයි.

මෙසේ හමුවූ තරුණයා මෙම ප්‍රදේශයේ පුද්ගලයකු නොවන බව පදේශවාසීන් කියයි.

මෙය අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ තවත් එක්විය හැකි බවද ඔවුහු කීහ.

Related posts

අද සිට ලංකාවට හිරු මුදුන්වෙයි

colombotoday

ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු

colombotoday

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

colombotoday

ශ්‍රී ලංකාව සහ තවත් ආසියානු රටවල් 11කට ජපානයට ඇතුළුවීම තහනම්

colombotoday

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට කථානායක සහ ජවිපෙ එන්න බෑ කියයි

colombotoday

ත්‍රිකුණාමලයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

colombotoday