Colombo Today Local News

නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙන්නෙක් ණය මුදල් පිල්ලි ගහලා

නිවාස ණය මුදල් පෞද්ගලික පරිහරණයට යොදාත් නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිලධාරීන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කුරුණෑගල, ගාල්ල, මහනුවර දිස්ත්‍රික් කාර්යාල වල සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිලධාරීන් තිදෙනකු සහ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථිර සේවකයකු සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් කියයි.

නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථීර සේවයේ නියුතු සේවකයන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

Related posts

අගමැති ඉල්ලා අස් නොවීමේ තීරණයක්. – රාජපක්ෂ පවුල විරසක වෙයි.

colombotoday

නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණයි !

colombotoday

විරෝධතා කරන්න ගිය ලංකා ගුරු සේවා සංගමයේ ලේකමුත් අත්අඩංගුවට

colombotoday

ත්‍රිරෝද රථයක මිල ලක්ෂ අටයි, එයින් හාරලක්ෂ අසූදහසක්ම රජය බදු වශයෙන් අයකර ගන්නවා

colombotoday

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin

උතුරට සිංහලයන් එපා.. පදිංචිකිරීම්වලට මා තරයේ විරුද්ධයි – විග්නේෂ්වරන් කෝප වෙයි

colombotoday