Colombo Today Local News

ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට පහරදී රෝහල් යැවූ 5ක් අත්අඩංගුවේ

බේරුවල නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සේවකයකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි.

පහරකෑමෙන් තුවාල ලැබූ පිරවුම්හලේ සේවකයකු කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

කිව් ආර් කේතයට ඉන්ධන ලබාගැනීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බව මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇති බව පොලිසිය කියයි.

සැකකරුවෝ කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

රූපවාහිණියට ඇතුලු වු තවත් අයෙක් අත්අඩංගුවට ගනී

colombotoday

දුම්රිය වර්ජනය ගැන ඇමති බන්දුලගෙන් පොලිස්පතිට සහ CIDයට පැමිණිලි

Admin

රුපියල් දහසේ අලුත් මුදල් නෝට්ටුවක්

colombotoday

පවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ

Admin

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. අද කොච්චිකඩේ.. වෙඩිතැබීමකින් අයෙක් නසී

colombotoday

RDA සේවිකාවට කාර්යාලයේදී පහර දුන් ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday