Colombo Today Local News

“විමුක්ති පුතා දේශපාලනයට එන්නේ නෑ.. මම ආපහු ආවෙත් විනාශවෙන රට බේරාගන්න” චන්ද්‍රිකා

chandrika vimukti

තම පුත්‍රයා වන විමුක්ති කුමාරණතුංග කිසිදු දිනයක ශ්‍රී ලංකාවේ දේශපාලනය නොකරන බව හිටපු ජනාධිපතිනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවැසුවාය.

සවිබල රටක් – තිරසර හෙටක් මැයෙන් ශ්‍රී ලංකා නිදහස් කාන්තා පෙරමුණ එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (8දා) සංවිධානය කර තිබූ කාන්තා දින සැමරුම් උත්සවයට එක්වෙමින් බණ්ඩාරනායක මහත්මිය එසේ කීවාය.
ඇය මෙසේද කීවාය.

මම කාගෙන්වත් තනතුරු ඉල්ලන්නේ නැහැ. මගේ පුතා මෙහෙ දේශපාලනය කරන්න එන්නෙත් නැහැ. හැමදාම මේ රටේ පවුල් බලය තියෙන්න ඕන කියලා මම කියනනේ නැහැ. එයා මේ රටට ඇවිත් රටට සේවය කරයි. එහෙත් දේශපාලනය කරන්නේ නැහැ. මෙච්චර රට වෙනුවෙන් කැපවෙලා වැඩකරලා රට විනාශ වෙනවා බලාගෙන ඇස්දෙක පියාගෙන ඉන්න බැරි නිසයි පසුගිය ජනාධිපතිවරණයේදී මම උදවු කරන්නත් ආවේ. අන්තිමට හැම බරක්ම අදින්න වුණෙත් මටමයි යැයි හිටපු ජනාධිපතිනිය කීවාය.

Related posts

ශානිට අලුත් පට්ටමක්

Admin

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday

මහ කන්නයේ දී වගා හානි වූ ගොවීන්ට වන්දි

Admin

හෝටලයකට පැන වේටර්ට තඩි බෑ නි.ඇමති තෙවරප්පෙරුමට ආපන ශාලා හිමි සංගමයේ විරෝධය

colombotoday

හෙට සිට සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා අරඹන්න අනුමැතිය

colombotoday

වැල්ලවාය මස්කඩය ටෙන්ඩර් නොකිරීමට ඒකමතිකව තීරණය කරයි

colombotoday