Colombo Today Local News

“ජාත්‍යන්තරය හමුවේ මේ ආණ්ඩුව රට පාවා දුන්නා.. දැන් ඒ පඹගාලෙන් බේරෙන්න බැරිව දඟලනවා” දිනේෂ් ගුණවර්ධන

dinesh 232g

එල්.ටී.ටී.ඊ සංවිධානය පද්ගල පැහැරගැනීම් සදුකළ බව ප්‍රසිද්ධ රහසක් වුවත් ඒ පිළිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කිසිදු පියවරක් ගෙන නොමැති බව කොළඹ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ගුණවර්ධන මහතා මේ බව පැවසූවේ ඊයේ 08 දා පුද්ගලයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමිනි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පැහැරගැනීම් සිදුකළ බව ප්‍රසිද්ධ රහසක්‌. මේ සම්බන්ධයෙන් ද්‍රජාස කුමක්‌ද ප්‍රකාශ කරන්නේ. පරණගම කොමිසම් සභාවේ වාර්තාව අනුව 7000 කට අඩු ප්‍රමාණයක්‌ අතුරුදන් වී ඇති බවට වාර්තා වෙනව. නමුත් එ.ජා. මානව හිමිකම් කොමසාරිස්‌ අපේ රටට පැමිණ පැවසුවේ 40,000 ක්‌ පමණ අතුරුදන් වී ඇති බවටයි.

වත්මන් විදේශ ඇමැතිවරයා ජාත්‍යන්තරය හමුවේ මේ රට පාවා දුන්න. අද ඒ පඹගාලෙන් බේරෙන්න බැරිව දඟලනව. ශ්‍රී ලංකාවට විරුද්ධව බොරු චෝදනා ගොඩනැඟුව. එල්ටීටීඊය දහස්‌ ගණනින් පාසල් ළමුන් පැහැරගෙන ගියා. පිටරටවලට දේශපාලන රැකවරණය පතා ගිය පිරිස්‌ පිළිබඳ නිවැරැදි සංඛ්‍යාලේඛන අපට ලැබී නැහැ. යැයිද ගුණවර්ධන මහතා පැවසීය.

Related posts

එජාප තීරණ නිසා රට අරාජික වෙනවා – අපි ආණ්ඩුවෙන් යනවා – සුසිල් ප්‍රේමජයන්ත

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. සමයං ඇතුළු 7ක් බන්ධනාගාර බසයේදී මරා දමයි (Photo/Video)

colombotoday

මුන්දලමේ නිවුන් දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

Admin

තෙල් ටැංකි ගනුදෙනුවත් සමග ඉන්දියාව ත්‍රිකුණාමලේට ඇතුළු වෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

colombotoday

අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවෙයි

colombotoday

කොරෝනා මුස්ලිම් මරණ භුමිදානය කරන්නේනම් එයට රාජපක්ෂ පවුලේ සුසාන භුමිය යොදා ගන්න.

colombotoday