Colombo Today Local News

තුවාල ලබා මිය ගිය කාන්තාවක් හඳුනා ගන්න පොලීසිය මහජන සහාය පතයි

තුවාල ලබාසිටියදී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන කාන්තාවකගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

පසුගිය 05 වනදා දුම්රිය අනතුරකින් තුවාල ලබා ඇති බව පැවසෙන අදාළ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මරණකාරියගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 45ක් පමණ වන තලෙළු සමක් ඇති, කළු සහ සුදු මිශ්‍ර හිසකෙස් සහිත, උස අඩි 05යි අඟල් 04ක් පමණ වූ කාන්තාවක් බව පොලීසිය පවසයි.

ඇය උඩුකයට සුදු හැට්ටයක් සහ යටිකයට ලා දම් පැහැති සායක් ඇඳ සිටින බවද සඳහන් කරයි.

මෘතශරීරය මේ වනවිට රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Related posts

වැල්ලවත්ත සැවෝයි සිනමා හළ අසල පිපිරීමක්

colombotoday

ඔමික්‍රෝන් ප්‍රභේදය සුළු කොට තකන්න එපා.. WHO අනතුරු අඟවයි

colombotoday

ඓතිහාසික වරදක් නිවැරදි වෙයි.. කැප්පෙටිපොළ ඇතුළු 18ක් ජාතික විරුවන් ලෙස නම් කෙරේ

colombotoday

කළු ගඟ⁣ගේ ගිලී දෙදෙනෙකු මරුට : දරුවෙකු අතුරුදන්

colombotoday

2020 ජනාධිපතිවරණයට හංස සන්ධානයේ පොදු අපේක්‍ෂකයා වන්නැයි කුමාර සංගක්කාරට යෝජනවක්…

colombotoday

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

Admin