Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වූ තැපැල් මුද්දරයක් නිකුත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් අද(6) නිකුත් කෙරිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා රුපියල් 50.00 ක වටිනාකමින් යුත් නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් නිකුත් කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පුස්තකාලයේදී සිදුවිය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කෙරිණ. මේ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ද පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, තැපැල්පති එම්.ආර්.පි. සත්කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.

Related posts

පසුපෙළ විරෝධය නිසා අය-වැයට පෙර කැබිනට් ඇමැති 2ක් අස් වීමට යයි

colombotoday

පෙරටුගාමීන් – ජවිපෙ පොළොන්නරුවේදී ගුටි ඇණගනී, තුනක් රෝහලේ

colombotoday

ජනපති මෛත්‍රී සෞඛ්‍ය ඇමතිකමවත් හරියට කරගන්න බැරිව හිටි කෙනෙක්.. රට කුණුවෙලා – ජවිපෙ නායක

colombotoday

මන්ත්‍රීවරුන්ගේ තොරතුරු 20 පෙර ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම් ඉල්ලයි

colombotoday

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද? – පොහොට්ටුවේ වීරසිංහට තද වෙයි

Admin

යල කන්නයේ රසායනික පොහොරින් වැට් බදු ඉවත් කරන්න රජයේ අවධානය

Admin