Colombo Today Local News

අධ්‍යාපනය නංවන්න ඇමති අකිලගෙන් තවත් සුපිරි වැඩක්.. අම්මලාගේ පීඩනය අඩු කරන්න සාරියේ බර හෑල්ලු කරන්න තීරණයක් ගනී

sari akila

පාසල් පද්ධතිය තුළ පවත්නා ඇතැම් නීති නිසා පාසැල් දරු දැරියන් මෙන්ම මව්පියන්ද පීඩාවට පත්ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පවත්නා නීති රීති අනුව සාරියක් නොඇඳ මවකට පාසල් ගේට්ටුවෙත් ඇතුළට යා නොහැකි බවත්,බොහෝ මව් වරුන් තම දරුවන් පාසලට ඇතුළත් කොට රැකියා සඳහා පිටත්ව යායුතු බැවින් ඔවුන්ට මග දිගට ඇඳුම් මාරු කිරීමට සිදුව ඇති බවත්, පුද්ගලික අංශ‍යේ සේවය කරන බොහෝ මව්වරුන් රැකියාවට යන්නේ සාරිය නොවන වෙනත් විධිමත් ඇඳුම් ඇඳගෙන බවත්,මෙම තත්ත්වය අනවශ්‍ය පීඩනයක් බව මව්වරුන් විසින් පෙන්වා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (08) 2015 අ.පො.ස(උ/පෙ)විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ සහයෝගිතාව සමග පුද්ගලික ආයතනයක් මගින් සිදුකරනු ලැබූ ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයකට එක්වෙමිනි.

විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිත පාසල්වලට දරුවන් යවන මව්පියන්ගෙන් මේ සම්බන්ධ දුක්ගැනවිලි ලැබෙන බවත්,එම නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය. ගැබිණි මව්වරුන්ට වුවද පහසු ඇඳුමක් ඇඳගෙන යාමේ හැකියාවක් නොමැති බැවින්,විවිධ දුෂ්කරාවන්ට පත්වන බව වෛද්‍යවරුන් විසින් තමාට පෙන්වා දී ඇති බව කාරියවසම් මහතා සිහිපත් කළේය.

මේ නිසා මෙම තත්ත්වයන් ලිහිල් කිරීමට අවශ්‍ය චක්‍රලේඛ ළඟදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්,විදුහල්පතිවරුන්,ගුරු භවතුන්,මව්පියන්,දරු දැරියන් කිසිවෙකුත් අනවශ්‍ය ලෙස පීඩාවට පත් නොවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

“ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න”

colombotoday

වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකෙරේ

colombotoday

හිටපු ඇමති මාළු අමුවෙන් කයි

colombotoday

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

මහින්ද සාඨකේ එල්ලන ෆොන්සේකාගේ කතාවට නාමල්ගෙන් සැර පිළිතුරක් (Video)

colombotoday

රනිල් දිවුරුම් දෙයි. විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබේ උද්ඝෝෂණයක

colombotoday