සතොස සිය සහල් වර්ග තුනක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව, දේශීය සුදු කැකුළු මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165කි.
දේශීය සුදු නාඩු කිලෝවක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 168කි.
එසේම රතු කැකුළු කිලෝවක මිල ද රුපියල් 2කින් සතොස පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 137කි.