Colombo Today Local News

බදියුදීන් අධිකරණයට අපහාස කරලා?

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට කල් ලබා දී තිබේ.

එම පෙත්සම අද (28)දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ද අධිකරණය හමුවේ පෙනී ඇත.

එහිදී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය අදාළ විරෝධතා ජූලි මස 21 වනදාට පෙර ගොනුකරන ලෙසත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියම කර තිබේ.

ඉන් පසුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

Related posts

ජනපතිගේ සංශෝධනවලටත් පයින් ගහලා.. අගමැති පනත සම්මතකරේ බලහත්කාරයෙන් !

colombotoday

පොරොන්දු වූ මුදල් ලෝක මුස්ලිම් ලීගයෙන් දුන්නේ නෑ. මෛත්‍රිපාල සිරිසේනගෙන් නිවේදනයක්

colombotoday

උහන බණ්ඩාරදූව හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9කට හානි

colombotoday

හයිබ්‍රිඩ් අධිකරණය හදන්න කියූ අල් හුසේන්ට ද්‍රවිඩ සන්ධානයෙන් පැසසුම් !

colombotoday

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday

“බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin