Colombo Today Local News

හඟුරන්කෙත තරුණයා ඝාතනයට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

හඟුරන්කෙත, දියතිලකපුර ප්‍රදේශයේදී 22 හැවිරිදි තරුණයෙකුට පහරදී ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බරපතළ තුවාල ලැබූ තරුණයා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 25 වැනිදා මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඉඩම් ආරවුලක් හේතුවෙන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිගගොස් ඇති වූ ගැටුමකදී එම තරුණයා තුවාල ලබා තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකාර කාන්තාවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද දිනයේ අනෙකුත් සැකකරුවන් 08 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

පහරදිමේ සිද්ධියට අදාළව අනෙක් සැකකරුවන් අත්අඩංගුවට නොගත් බව කියමින් පිරිසක් කළහකාරි ලෙස හැසිරෙමින් ඊයේ රාත්‍රියේ හඟුරන්කෙත පොලිස් ස්ථානය තුළට ඇතුළු වීමට උත්සාහ කර තිබිණ.

එම අවස්ථාවේදි කළහකාරි ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තැබීමට ද පියවර ගන තිබිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කෙළ්, මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් පිරිස කළහකාරි ලෙස හැසිරී ඇති බවයි.

Related posts

ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පූර්ණ විනිසුරු මඩුල්ලකට

Admin

ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද…

colombotoday

හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන්නැයි, ජනපතිගෙන් උපදෙස්

colombotoday

හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

colombotoday

විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

colombotoday

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday