Colombo Today Local News

අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධි ප්‍රතිලාභය අහිමිවූවන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

සමෘද්ධිලාභීන් සඳහා මේ මාසය තුළත් නියමිත පරිදි ප්‍රතිලාභ හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කරන්නේ, අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවයි.

අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ හරහා සමෘද්ධි ප්‍රතිලාභය අහිමිවූ පුද්ගලයින්ට ජූලි 10 වැනිදා දක්වා ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 1924 ක්ෂණික ඇමතුම් අංකයෙන් හරහා ලබාගත හැකි වෙයි.

සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8 ත්, 5 ත් අතර එම අංකයට ඇමතුම් ලබාදිය හැකි ය.

මේ අතර, අස්වැසුම වැඩසටහන සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී යම් අඩු පාඩුවක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමට රජය වහාම කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ වැඩසටහනට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට රජය කටයුතු සැලසුම් කර ඇති බවයි.

Related posts

පොලිසියේ 3ක් ඇතුළු 4කට නීතිය ක්‍රියාත්මක කර නෑ… ශානිට එරෙහිව පැමිණිල්ලක්!

colombotoday

රිමාන්ඩ් කර සිටි හිටපු සීඅයිඩි ලොක්කා, ශානි අඹේසේකරට කොරෝනා

colombotoday

අගමැතිගේ ආර්ථික කමිටුව ජනපති අහොස් කර දමයි !

colombotoday

ඉස්ලාම් ම්ලේච්චත්වය බෞද්ධයාට උගන්නන්නද ඕනි හිංදු සම්මේලනයෙන් අසාද් සාලිට ප්‍රශ්න අටක්

colombotoday

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

colombotoday