Colombo Today Local News

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක්

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය කාර්යාලය අසල පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට යාමේ අපේක්ෂාවෙන් දිප්පිටිගොඩ 6 කනුව ආසන්නයේ රැඳී සිටි බවට පැවසෙන තිදෙනකුට ඊයේ (25) සවස යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම තිදෙනාම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

තරංග නැමැත්තා ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් එහිදී ඔහු සමඟ රැඳී සිටි දෙදෙනාටද වෙඩි වැදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කැළණිය පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.

තරංග නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යැයි කියමින් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන කලක් රිමාන්ඩ් බාරයේ සිට 2021 වසරේ දී අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටී අයකු බවට ද තොරතුරු හෙළිවී ඇතැයි එම උසස් පොලිස් කියයි.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ රැස්වීමට යෑමට ඔහුගේ මිතුරන් දෙදෙනකු සහ තවත් කිහිප දෙනකු එනතෙක් රැඳී සිටින අතරවාරයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරය එල්ල වනවාත් සමඟ දිවි බේරා ගැනීම සඳහා දිව යද්දී පසුපස පන්නාගෙන ආ වෙඩික්කරුවන් යළි යළිත් වෙඩි තබා ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.

හිස් උණ්ඩ පහළොවක් පමණ අවට විසිරී තිබී පොලිසියට හමුවී ඇත.

එක් අයකු දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර මීට වසර කිහිපයකට පමණ ඉහත දී බිරිඳ සහ දරුවන් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවද වාර්තා වේ.

මොහු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව කියන රැස්වීමට සහභාගිවීමට යාමට දිප්පිටිගොඩ ප්‍රදේශයට පැමිණ සිට ඇත.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගිය අය ගැන තොරතුරු තවම පොලිසියට ලැබී නොමැත.

Related posts

පුනරුත්ථාපන කාර්යාංශ පනත අද පාර්ලිමේන්තුවට

Admin

සා /පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල

colombotoday

සාදින්නාවල නිවසක් නායයයි

Admin

සේවක තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

colombotoday

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

Admin

උතුරේ මැර කල්ලි මඬින්න ජනපතිගෙන් පොලිසියට උපදෙස්

colombotoday