බොරැල්ල හරස්පාර ප්රදේශයේ නිවසකට අද (22) උදෑසන පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර අදාළ නිවසේ ගේට්ටුවට වෙඩිප්රහාර දෙකක් එල්ල කර ඇති බව පොලීසිය පවසයි.
අදාළ නිවස සුප්රසිද්ධ පාවහන් සමාගමක කළමනාකාර අධ්යක්ෂවරයෙකුට අයත් එකක් බවද සඳහන් ය.
කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.